පිය සෙනෙහස 💞


 පිය සෙනෙහස 💞

 

බල කණුව නුඹයි මා දිවි මග සරු කරන 
දහදිය වැගිරුවයි මා වෙනුවෙන් නිබද 
පුන්සද ලෙසින් මා දිවියෙහි නිතර 
මෙහෙසුරු නුඹයි සැමවිට මා රැකුව 

මා අත ගෙන පිල්ලම් කියා දුනි 
මා උගතෙකු කෙරුමට නිතර වෙහෙසුනි 
නැත සෙනෙහෙ අඩුවක් මා නුඹගෙ දුව වුනි 
ඔබ මා රැකුව මගේ පිය රජු වුනි 

දග වැඩ කළොත් සැර වැර අඩුවක් නොවුණි 
කුසගිනි නිවන්නට රසමසවුළු ගෙනත් දුනි
මා රැජිනක් කිරීමට නිතර වෙහෙසුනි 
වේවා දීර්ඝායු මා ආදර පියාණෙනි...❤

✍️M.Janeesha Onali Perera.

Comments

Popular posts from this blog

අප්‍රකාශිත ආදරය 🖤