අප්‍රකාශිත ආදරය 🖤


අප්‍රකාශිත ආදරය

අප්‍රකාශිත ආදර කතා 
ආදරෙයි යැයි 
නොපැවසූවද
හරිම සුන්දරය......

ප්‍රකාශිත නොවුන 
හිත්වල පමණක් 
හැගීම් ගැබ් වුණ 
නොදන්නා ගානට 
හැසිරෙන ඉවත බලන 
ලැජ්ජාවෙන් ඇඹරෙන තැන 
ප්‍රකාශිත ආදරයට වඩා 
අප්‍රකාශිත වුන ආදරය 
හරිම පුදුමාකාරයි........

ආදරය කියන්නෙම 
ආත්මයන් දෙකක ගැටීමකට
ආත්මයන් දෙකක එකතු වීමකට
ආත්මයන් දෙකක ආත්මීය 
බැදීමකට,ස්පර්ශයකට 

එක්තරා විදියකට 
එක් නිර්වචනයක් ප්‍රකශනයක් දිය නොහැකි 
අප්‍රකාශිත හැගීමකට........

ඉතින්.....
ලෝකයේ බැදීම් අතර 
අප්‍රකාශිත ප්‍රේමයත්
නිහඩ භාවනාවකි.

✍️ M.ජනීෂා ඔනාලි පෙරේරා





Comments

Popular posts from this blog

පිය සෙනෙහස 💞