Posts

Showing posts from July, 2025

පිය සෙනෙහස 💞

Image
  පිය සෙනෙහස 💞   බල කණුව නුඹයි මා දිවි මග සරු කරන  දහදිය වැගිරුවයි මා වෙනුවෙන් නිබද  පුන්සද ලෙසින් මා දිවියෙහි නිතර  මෙහෙසුරු නුඹයි සැමවිට මා රැකුව  මා අත ගෙන පිල්ලම් කියා දුනි  මා උගතෙකු කෙරුමට නිතර වෙහෙසුනි  නැත සෙනෙහෙ අඩුවක් මා නුඹගෙ දුව වුනි  ඔබ මා රැකුව මගේ පිය රජු වුනි  දග වැඩ කළොත් සැර වැර අඩුවක් නොවුණි  කුසගිනි නිවන්නට රසමසවුළු ගෙනත් දුනි මා රැජිනක් කිරීමට නිතර වෙහෙසුනි  වේවා දීර්ඝායු මා ආදර පියාණෙනි...❤ ✍️M.Janeesha Onali Perera.

ප්‍රථම ප්‍රේමය ❤

Image
  ප්‍රථම ප්‍රේමය 🌷❤ අතීතයේ මතකයෙන්  හෙමි හෙමිහිට ඇහැරෙන්න  වස්සාන මායිමේ  සෙනෙහසින් ලංවෙන්න  දුර ඈත ඉමක හිද යළිත් නුඹ පැමිනෙන්න  ප්‍රථම ප්‍රේමයේ සුවදින්  යළිත් හද පුබුදන්න  මතක ඉම පොදි බැදන්  හිටියාද මග බලන්  දිනෙක යළි නෙතු පියන්  දකින්නට සෙනෙහසින්  බොහෝ කල් ගෙවී ගොස්  වින්ද ඒ ප්‍රේමයක  හිත් කොනේ පොදි බැදන්  නුඹ උන්නෙ හද කොනේ  එදවස පුංචි සන්දියේ  නුඹෙ සුවද මතක ළග උන්නු හැටි සිහියට නැගේ  නුඹෙන් ලද ප්‍රථම හාදුවක  සුවද සිහියට නැගේ පුරන්නෙමි පාරමී යළිත් නුඹ දකින්නට  ගෙවෙන මොහොතක් දිගේ...🌷 ✍️ M.ජනීෂා ඔනාලි පෙරේරා.

අප්‍රකාශිත ආදරය 🖤

Image
අප්‍රකාශිත ආදරය අප්‍රකාශිත ආදර කතා  ආදරෙයි යැයි  නොපැවසූවද හරිම සුන්දරය...... ප්‍රකාශිත නොවුන  හිත්වල පමණක්  හැගීම් ගැබ් වුණ  නොදන්නා ගානට  හැසිරෙන ඉවත බලන  ලැජ්ජාවෙන් ඇඹරෙන තැන  ප්‍රකාශිත ආදරයට වඩා  අප්‍රකාශිත වුන ආදරය  හරිම පුදුමාකාරයි........ ආදරය කියන්නෙම  ආත්මයන් දෙකක ගැටීමකට ආත්මයන් දෙකක එකතු වීමකට ආත්මයන් දෙකක ආත්මීය  බැදීමකට,ස්පර්ශයකට  එක්තරා විදියකට  එක් නිර්වචනයක් ප්‍රකශනයක් දිය නොහැකි  අප්‍රකාශිත හැගීමකට........ ඉතින්..... ලෝකයේ බැදීම් අතර  අප්‍රකාශිත ප්‍රේමයත් නිහඩ භාවනාවකි. ✍️ M.ජනීෂා ඔනාලි පෙරේරා