ප්‍රථම ප්‍රේමය ❤
ප්‍රථම ප්‍රේමය 🌷❤
අතීතයේ මතකයෙන්
හෙමි හෙමිහිට ඇහැරෙන්න
වස්සාන මායිමේ
සෙනෙහසින් ලංවෙන්න
දුර ඈත ඉමක හිද
යළිත් නුඹ පැමිනෙන්න
ප්‍රථම ප්‍රේමයේ සුවදින්
යළිත් හද පුබුදන්න
මතක ඉම පොදි බැදන්
හිටියාද මග බලන්
දිනෙක යළි නෙතු පියන්
දකින්නට සෙනෙහසින්
බොහෝ කල් ගෙවී ගොස්
වින්ද ඒ ප්‍රේමයක
හිත් කොනේ පොදි බැදන්
නුඹ උන්නෙ හද කොනේ
එදවස පුංචි සන්දියේ
නුඹෙ සුවද මතක ළග
උන්නු හැටි සිහියට නැගේ
නුඹෙන් ලද ප්‍රථම හාදුවක
සුවද සිහියට නැගේ
පුරන්නෙමි පාරමී
යළිත් නුඹ දකින්නට
ගෙවෙන මොහොතක් දිගේ...🌷
✍️ M.ජනීෂා ඔනාලි පෙරේරා.
Comments
Post a Comment